කාගීල්ස් සිලෝන් සමාගම සිය ගමන් මගෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
Related Articles
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර නිෂ්පාදන සමාගම වන කාගීල්ස් සිලෝන් සමාගම සිය ගමන් මගෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම මධ්‍යගත බෙදාහැරීම් මධ්‍යස්ථානය විවෘත කළා.
කටාන ප්‍රදේශයේයි මෙම බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ.
අක්කර 28 ක ප්‍රදේශයක පැතිරුණු එම මධ්‍යස්ථානය සදහා රුපියල් බිලියන 4 ක මුදලක් ආයෝජනය කර තිබෙනවා.
මෙරට ආර්ථික පද්ධතියට ද මේ ඔස්සේ දායකත්වයක් ලැබෙනවා. විවෘත කිරීමේ අවස්ථාවට කාගීල්ස් සභාපති ලුවී පේජ්, උපසභාපති රංජිත් පේජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.