බුත්තල නගරය අදත් සෙලවෙයි
Related Articles
වැල්ලවාය බුත්තල නගරය ආශ්‍රිතව අද අලුයම තවත් සුළු භූ චලනයක් සිදුවුණා.
ජාතික ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ රිච්ටර් ඒකක 2.3ක පමණ භූ චලනයක් වාර්තා වී ඇති බවයි. අද අලුයම තුනයි හතලිස්පහට පමණ භූ කම්පන සටහන් වූ බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඊයේ දිනයේද බුත්තල සහ වැල්ලවාය ආශ්‍රිත ප්‍ර දේශවල රිච්ටර් ඒකක 3.5 ක සහ තුනක ප්‍රබලත්වයෙන් යුතු භූ චලන දෙකක් සිදුවුණා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරන්නේ මෙය බරපතල තත්ත්වයක් නොවන බැවින් අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවයි.