තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 23,000 ඉක්මවයි
Related Articles
තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිතුන් දහස ඉක්මවා තිබෙනවා.
භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව විසිතුන් දහස් හත්සීයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බේරා ගැනීමේ කණ්ඩායම් 130ක් යොදා ගෙන තවමත් සෙවිමේ කටයුතු සිදු කරන බවයි. කෙසේ වෙතත් සිරියාවේ මෙහෙයුම්වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දායකත්වය අඩු බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා. මේ වන විට රටවල් දෙකටම ටොන් 72ක ආහාර සහ ඖෂධ ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. සිරියාවේ ඇලැප්පෝ නගරයට භූ කම්පනයෙන් විශාල වශයෙන් හානි වී තිබෙන බව විදෙස් පුවත් පළමු වරට වාර්තා කළා. එම නගරයේ මිය ගිය සංඛ්‍යාව 400 ක් බවයි සඳහන් වන්නේ. සිරියාවේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 4000 ක් වන අතර 7000 දෙනා තුවාල ලබා තිබෙනවා.