රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබෙනවා.
මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සගවා ප්‍රවාහනය කරමින් සිටියදීයී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
කුට්ටිගල පොලිස් වසමේ කුට්ටිගල ප්‍රදේශයේදීයී කේරල ගංජා කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 971 ක් සමග වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විශේෂ කාර්ය බලකා අම්බලන්ගොඩ කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
වැඩිදුර විමර්ශන කටයුතු කුට්ටිගල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.