fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටිපති ව්‍යාපාරිකයා අශ්ව කරත්තයෙන් අවසන් ගමන යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2023 19:55

කෝටිපති ව්‍යාපාරිකයා අශ්ව කරත්තයෙන් අවසන් ගමන යයි

පැලවත්තේ දී ඝාතනයට ලක්වූ නිමි ඇදුම් ආයතනයක හිමිකරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කෙරුණා.  ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක නාන තටාකයේ තිබි මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවුණේ පසුගිය දෙවනදායි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ඝාතනයට සම්බන්ධ සැකකරු හා ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා.

ආරවුලක් මත පහරදීමකින් මෙම ඝාතනය සිදුකළ බවයි 27 හැවිරිදි සැකකරු ප්‍රකාශ කර තිබුණේ. ඒ සදහා යොදාගත් මුගුර ද අදාළ නිවසේ තිබී පොලිස් භාරයට ගැණුනා.

මේ අතර දේහය හදුනා ගැනීමට නොහැකි බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩ පොලිස් විමර්ශන මේ වන විට සිදුවන අතර සැකකාර යුවළ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බොරැල්ල අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ දේහය අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කෙරුණා.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2023 19:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්