දේශබන්දුට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකුට වෙනම නඩුවක්
Related Articles
පසුගිය මැයි 9 වනදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකුට වෙනම නඩුවක් පවරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මොහොමඩ් රිස්වි යන අයට එරෙහිව මෙලෙස වෙනම නඩුවක් පවරන ලෙස දැනුම් දුන්නේ අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙනුයි. ඒ නඩුව කැදවූ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන් තිදෙනෙකු භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතනවලට අදාළ විමර්ශන අවසන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
ඒ අනුව එම දුරකතන අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ. වැඩිදුර විභාගය ජුනිමස 09 වනදාට කල්තැබුණා.