fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SpaceX ලොව ප්‍රබලම රොකට් පද්ධතිය අත්හදා බලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2023 10:26

SpaceX ලොව ප්‍රබලම රොකට් පද්ධතිය අත්හදා බලයි

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ලොව ප්‍රබලම රොකට් පද්ධතිය අත්හදා බලා තිබෙනවා.

ස්පේස් එක්ස් සමාගම විසින් නිර්මාණය කළ ස්ටාර් ෂිප් රොකට්ටුවට අදාළ එන්ජින් පද්ධතියයි මෙලෙස අත්හදා බලා ඇත්තේ. මෙම ස්ටාර් ෂිප් රොකට්ටුවේ සම්පූර්ණ එන්ජින් ගණන 33ක් වනවා. ස්ටාර් ෂිප් යානය එළඹෙන මාර්තු මාසයේ අභ්‍යවකාශ ගත කිරීමටයි ස්පේස් එක්ස් සමාගම කටයුතු යොදා තිබෙන්නේ. ස්ටාර් ෂිප් රොකට්ටුවෙන් මිනිසුන් පෘථිවි කක්ෂයෙන් පිටතට රැගෙන යාමට ඊලෝන් මස්ක් බලාපොරොත්තු වනවා. ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශ ගත කළ පසු එය ලොව අභ්‍යවකාශ ගත කළ විශාලම රොකට්ටුව ලෙස ඉතිහාස ගතවනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2023 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්