සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ දත්ත සංගනන කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රටේ වත්මන් ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත් වූ අඩු ආදායම්ලාභීන් හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන කඩිනමින් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා.
සුබසාධක ප්රතිලාභ ගෙවීමේදී විනිවිදභාවයෙන් යුක්තව ප්රතිලාභ ලැබිය යුත්තන් හදුනා ගැනිම හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම සුබසාධක ප්රතිලාභ මන්ඩලයේ ප්රමුඛ කාර්යය වනවා.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගනනය සිදු කෙරෙනවා.
ලෝක බැංකුවේ සහයෝගයද මෙම වැඩපිළිවෙළ සදහා ලබා ගැනෙනවා.
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක් වුණා.