ගුවන් ගමන් පාලකවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් සදහා සාධනීය විසදුම් ලබා දී තිබෙනවා. ඒ එම සංගමය සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
පුහුණු ගුවන් ගමන් පාලකවරුන් රට හැර යාම වළක්වා ගැනීම සදහා ඉල්ලීම් නවයක් මුල්කරගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ඔවුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධ ගැටලු මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීමටත් මහා භාණ්ඩගාරය සමග සාකච්ඡාවක් ලබාදීමටත් අමාත්‍යවරයා එකගතාව පළ කළා. ගුවන් ගමන් පාලකවරුන්ගේ හිගය මගහැරවීම සදහා ඉදිරි දින කිහිපය තුළ පුවත්පත් දැන්වීම් පළ කර අවශ්‍ය උපාධිධාරීන් බදවා ගැනීමටද තීරණය කෙරුණා.
සිය සේවාවේදී නේවාසික හා ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන්ද ගුවන් ගමන් පාලකවරුන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කලා. එහිදී තීරණය කෙරුණේ කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළ ආශ්‍රිතව නේවාසික පහසුකම් ලබාදීමටයි.
ඒ සදහා ඉක්මන් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා.
රට ආර්ථික වශයෙන් වැටී තිබෙන අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ග නොගන්නා අතර වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සේවයේ නිරත වන බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සාමාජිකයන් මෙහිදී ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඔවුන් වෙත සිය ප්‍රසාදය පළ කළා.