fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිස්නි සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 14:07

ඩිස්නි සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වෙයි

ඇමෙරිකාවේ ඩිස්නි සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වනවා.

යෝජිත රැකියා කප්පාදුව සදහා 7000කට පමණ රැකියා අහිමි වනු ඇති බවයි ඩිස්නි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කරන්නේ.

රැකියා කප්පාදුව සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.5ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සදහන් කරනවා. ඉවත් කරන සේවක සංඛ්‍යාව එම සමාගමේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3.6%ක් පමණ වනවා.

මේ අතර විඩීයෝ සන්නිවේදනයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකෙන සූම් ආයතනය 1300ක පමණ පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට සුදානම්වනවා.

පසුගිය වසරේ දී සමාගමේ කොටස් 63%කින් පමණ පහළ බැසීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

රැකියා කප්පාදුව හරහා ඇමෙරිකා ඩොලර් බිලියන 50ත්, 68ත් අතර ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම සමාගමේ ප්‍රධාන විධායකය නිලධාරියා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්