සුරැකුම් සහායකවරුන් නොමිලේ පුහුණු කිරීමේ වැඩසටහනක්
Related Articles
සුරැකුම් සහායකවරුන් නොමිලේ පුහුණු කිරීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් සභාව ආරම්භ කර තිබෙනවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ උපදෙස් මතයි සුරැකුම් සහායකවරුන් පුහුනු කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ.
උතුරු මැද පළාතේ සිටින විදෙස්ගතවීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා වියුක්ත තරුණ තරුණියන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව පාඨමාලාව සාර්ථකව හැදෑරූ සිසුන් 60 දෙනෙකුට සහතික පත් ප්‍රදානය ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරුණා.