මුජිබුර්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ෆවුසි දිවුරුම් දෙයි
Related Articles
මුජිබුර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඒ එච් එම් ෆවුසි මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස අද දිවුරුම් දුන් ඒ එච් එම් ෆවුසි මහතා දේශපාලනය පිළිබද දිගුකාලීන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්.
කොළඹ මහ නගර සභාවට තරග කිරීම සදහා සමගි ජන බලවේගයේ තීරණයකට අනුව මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.
ඉන් ඇති වු පුරප්පාඩුවටයි ඒ එච් එම් ෆවුසි මහතා පත්වුණේ.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළගට නම් සදහන් වුයේ ෆවුසි මහතාගේයි.