අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණෙනුයි මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ.
රජයේ කටයුතු සදහා පෙර සිදුකළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට අහිත කර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරිමේ ක්‍රියාවලියට ද බාධාවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද ජනාධිපතිවරයා පසුගිය දා කටයුතු කළා.
ඒ අනුව අත්‍යවශයෙන්ම දැරිය යුතු පුනරාවර්ථන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
වැටුප් ගෙවීම, ණය සේවා විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, පහ වසර ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රීපෝෂ වැඩසටහන ගොවි විශ්‍රාම වැටුප ඇතුලු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙනවා.