පේරු රාජ්‍යයේ සිදු වු නායයාම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පිරිස අතරට මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ද ඇතුලත්.
පේරු රාජ්‍යයේ කාමනා ප්‍රාන්තයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟයි මෙම නායයාම් සිදුව ඇත්තේ.
ගම්මාන කිහිපයකටම දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වනවා.
නිවාස 630ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
පාලම්, මහා මාර්ග හා වාරිමාර්ග වලට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සහන කටයුතු සඳහා සිය ගණනක පිරිසක් යොදාවා ඇති අතර අතුරුදන් වු පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.