fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් එක්ලක්ෂ පනස්දහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2023 12:27

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් එක්ලක්ෂ පනස්දහස ඉක්මවයි

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 229කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 833 ක්.

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව හතලිස් එක්දහසකට අධිකයි.

එමෙන්ම තායිවානයෙන් 23000ක්, ජර්මනියෙන් 19000ක් හා දකුණු කොරියාවෙන් 16000ක් ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගතවු පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවෙන් වාර්තා වු කොරෝනා මරණ 173ත් සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැත්තෑහතරදහස ඉක්මවා ගියා.

හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත්කෝටි හැටහයලක්ෂයකට ආසන්නයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2023 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්