🔴 LIVE : 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
Related Articles
9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වීමට නියමිතයි.
ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසන්නේ.
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ වාර අවසන් කිරීම සිදුකෙරුණේ පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) විධිවිධානයට අනුවයි. 9වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතයි.
අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ බලතල වලට අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කිරීම සිදු වනවා. නව සභාවාරය විවෘත කිරීමේ උත්සවය වියදම් අවම වන පරිදි චාම් ලෙස පවත්වන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මෙවර උත්සවය ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලින් තොරව වියදම් අවම වන පරිදි පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.