එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අබලි යකඩවලට දෙන්නෙත් නියමිත බදු ගෙව්වොත් පමණයි
Related Articles
ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ දී අනතුරට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අබලි යකඩ වශයෙන් ලබාගන්නේ නම් අදාළ පාර්ශ්වය නිසි ක්‍රමවේදයට හා නීතිරාමුවට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.