fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකාර යුවළ තවදුරටත් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 17:53

පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකාර යුවළ තවදුරටත් රිමාන්ඩ්

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර යුවළ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 15 වනදා වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලේ නාන තටාකය තුළ තිබී  රොෂාන් වන්නිනායක නම් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවුණේ පසුගිය 02 වනදා පස්වරුවේදීයි.

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක, මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ හිසට මොට ආයුධයකින් පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි පොලීසිය සැකකරයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා.

එහිදී ඝාතනයට සම්බන්ධ සැකකරු හා ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා.

ආරවුලක් මත පහරදීමකින් මෙම ඝාතනය සිදුකළ බවයි 27 හැවිරිදි සැකකරු ප්‍රකාශ කර තිබුණේ.

ඒ සදහා යොදාගත් මුගුර ද අදාළ නිවසේ තිබී පොලිස් භාරයට ගැණුනා.

මේ අතර දේහය හඳුනා ගැනීමට නොහැකි බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය නියෝග කළා.

මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර හඳුනාගැනීම සදහා ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට රොෂාන් වන්නිනායක මහතාගේ මවගෙන් රුධිර සාම්පල ලබාගැනීම අද සිදුවුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්