ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට අදාළ සියලුම කොන්ත්‍රාත්කරුවන්ට මෙම මාසයේ දී (පෙබරවාරි) ගෙවිය යුතු මුදලින් 40% ක් සම්පුර්ණයෙන් ගෙවන අතර 30%ක් ලබන මාසයේ දී ද (මාර්තු), ඉතිරි 30% සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට සියලු පාර්ශ්ව සමඟ එක්ව ක්‍රමානුකුලව ගිණුම් කටයුතු සිදු කරමින් පවතින බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් ඉහළ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ලබන අමාත්‍යංශවලට වෙන් කරන මුදල්වලින් එම වසරේ දී ගෙවීමට නියමිත ගෙවීම් නිසිපරිදි ගෙවීමට නොහැකි තත්ත්වයක් පසුගිය කාලය තුළ උද්ගතව තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
කෙසේවුව ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට වෙන් කර තිබෙන මුදල් වලින් එම වසරට අදාළව ගෙවීම් කිරීමට නොහැකි වීම තුළ සැපයුම් කරුවන්ට සහ කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 87 කට වැඩි බිල්පත් ප්‍රමාණයක ණය ගෙවීමට තිබෙන බවත් එම බිලියන 87 ක මුදල සොයාගැනීමට කිසිම ක්‍රමවේදයක් නොමැති බවත්, එමනිසා දීර්ඝ වශයෙන් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2024, 2025 සහ 2026 වසර වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් ලබාගත් බවත්, එම ලබාගත් බැඳුම්කරයෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවන්නට හැකි බවත්, එම ණය ප්‍රමාණය අමාත්‍යංශය, භාණ්ඩාගාරය විසින් අවුරුදු 03 ක් යන තුරු විහිදෙන ක්‍රියාවලියකට ණය ලබා දී ඇති බවත් මෙහි දී අවධාරණය කළේය.
කෙසේවුව ද, රජයට සිය කොන්ත්‍රාත් සැපයුම් ක්‍රියාවලීන් සිදු කළ පුද්ගලයින් සිය දේපොළ ඉඩකඩම්, ආදිය බැංකු වල උගසට තබමින් සිය සේවාව ලබා දී මට කටයුතු කර ඇති අතර සුළු පරිමාණ මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් බැංකු වලට ණය ලබාගනිමින් සිය සේවාවන් ලබා දීමට කටයුතු කර ඇති බවත්, එහෙත් මේ වන විට ඔවුන්ට එම ණය ලබාගත් බැංකු වලට ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව අසාදු ලේඛන වලට අයත්ව තිබෙන අතර ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් වීම නිසා විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව හෙතෙම පැවසීය.
ඒ අනුව, මෙවන් තත්ත්වයක් යලි ඇති නොවීමට රාජ්‍ය වියදම් තර්කිකරණය කිරීම අරමුණු කරගනිමින් 2023 අයවැය මඟින් ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය හඳුන්වා දීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එමඟින් වර්ෂයක් තුළ දී සිදු කරන ලද කාර්යයන් වල වියදම් එම වර්ෂය තුළ දී ම ගෙවා නිම කිරීමට කටයුතු කළ යුතු බවත්, එම ගෙවීම් ඉදිරි වසරවල් වලට ගෙන යාම වැළක්වීම මඟින් කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් සිදු කළ හැකි බවත්, අපහසුවෙන් හෝ මෙම මුදල් කළමනාකරණ ක්‍රියා පටිපාටිය සකස් කර නොගන්නා තෙක් ලංකා ආණ්ඩුව කාගේ යටතේ පැවතිය ද එම ආණ්ඩුව කෙටි කාලයකට වඩා පවත්වාගෙන යා නොහැකි බවද හෙතෙම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.