fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සේවා කාලය අවසන් කළ බල්ගේරියා තානාපතිනිය ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:42

මෙරට සේවා කාලය අවසන් කළ බල්ගේරියා තානාපතිනිය ජනපති හමුවෙයි

මෙරට සේවා කාලය අවසන් කළ බල්ගේරියා තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

මෙරට සේවා කාලය අවසන්කර සිය රට බලා යාමට පෙර ශ්‍රී ලංකාවේ බල්ගේරියා තානාපතිනිය ජනාධිපතිවරයා හමුවුණා.

ඇය සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සේවාව ඇගයීමට ලක්කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී ද ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවයි එලේනෝරා මහත්මිය ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්