fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොටර්ඩැම් ජාත්‍යන්තර සිනමා උළෙලේ සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපළ දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:31

රොටර්ඩැම් ජාත්‍යන්තර සිනමා උළෙලේ සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපළ දිවයිනට

රොටර්ඩැම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන ලැබු ජගත් මනුවර්ණ සහ විසාකේස චන්ද්‍රෙස්කරම් යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

නෙදර්ලන්තයේ රොටර්ඩැම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය නෙට්පැක් සම්මානය හිමි කර ගත්තා.

විසාකේස චන්ද්‍රෙස්කරම් අධයක්ෂණය කළ වාලුකා චිත්‍රපටය මෙහිදි විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපළ කටුනායක ගුවන්තොටුපලෙන් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එහිදි ඔවුන් හරසරින් පිළිගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු සංවිධාන කර තිබුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්