fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කණ්ඩලම වැව වාන් දමයි – බැම්මේ රිය පැදවීම භයානකයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:36

කණ්ඩලම වැව වාන් දමයි – බැම්මේ රිය පැදවීම භයානකයි

අධික වර්ෂාව හේතුවෙන් දඹුල්ල කණ්ඩලම ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. ජලාශයේ වාන පිහිටි ස්ථානයේ අඩි 30ක පමණ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ඇති ස්ථානයක් හේතුවෙන් එම ප්‍රදේශ දැඩි අවධානම් කලාපයක් ලෙස නම් කර තිබුණ ද ප්‍රදේශවාසීන් තවදුරටත් වාන මතින් ගමන් කරන ආකාරය දැක ගත හැකියි.

ජලාශයේ වාන පිහිටි ස්ථානයේ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ස්ථානය හේතුවෙන් ප්‍රදේශය දැඩි අවධානම් කලාපයක් ලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට පොලිස් ජිවත ආරක්ෂක ඒකකය පියවර ගෙන තිබෙනවා. රතු පැහැති කොඩි ප්‍රදර්ශනය කරමින් දියට බැසීම මෙන්ම දිය නෑම අවධානම් බවටයි දැනුවත් කර තිබෙන්නේ. දඹුල්ල කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා තිබිම හේතුවෙන් මෙම අවධානම් තත්ත්වය හමුවේ වුව ද යතුරු පැදිකරුවන් කුඩා දරුවන් ද රැගෙන හිස් වැසුම් ආවරණ පවා නොමැතිව වාන මතින් ගමන් කරන ආකාරය දැක ගත හැකියි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්