fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියානු රැකියා සඳහා මෙවර 6,500 ක රැකියා කෝටාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 11:13

කොරියානු රැකියා සඳහා මෙවර 6,500 ක රැකියා කෝටාවක්

ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වසරේ දී කොරියානු රැකියා අවස්ථා 6,500ක රැකියා කෝටාවක් ලැබී තිබෙනවා.

2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6,500 ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5,047 රැකියා කෝටාවක් පමණි. ඒ අනුව ගිය වසරට වඩා 28.79% කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1,453 ක් ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වෙයි.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14,588 කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12,189 ක්, ධීවර අංශය 2,149 ක් සහ ඉදිකිරීම් අංශයේ 250 ක් ලෙසිනි.

පසුගිය වසරේ දී 5,047ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6,639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණි. මෙම වසරේ දී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේ දී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්