පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශන කිරිම සදහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශ වල සාරාංශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබුවා.
අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශ වල සාරාංශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම සිදුකලේ පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශන කිරිම සදහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතායි. පශ්චාත් අර්බුද ගැටලු විසදීම සදහා ජනතාව සහ වින්දිතයන් කේන්ද්‍ර කර ගත් උපාය මාර්ගයක අවශ්‍යතාව හා ඉදිරිගමන පිළිබද නිර්දේශ 27ක් මෙම සාරාංශයට ඇතුලත්. අතුරුදන් වුවන් පිළිබද කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය හා ජාතික සමගිය හා ප්රතිසන්ධාන පිළිබද කාර්යාලයේ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරිමේ අවශ්‍යතාව ද මෙමගින් අවධාරණය කර තිබෙනවා. ආයතනික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ශුන්‍ය කිරිමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කිරිම මගින් පුනරාවර්ථනය නොවන බවට සහතිකය ලබා ගත යුතු බව ද කොමිසමේ නිර්දේශවල සදහන්.