fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හමුදා උත්තමාචාරයෙන් තොරව වියදම් අඩුකර රාජාසන කථාවට ජනපති සූදානමින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 11:35

හමුදා උත්තමාචාරයෙන් තොරව වියදම් අඩුකර රාජාසන කථාවට ජනපති සූදානමින්

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ව්‍යවස්ථාදායක සභාව අද රැස්වුණා. 9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ වාර අවසන් කිරීම සිදුකෙරුණේ පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඒ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) විධිවිධානයට අනුවයි.

9වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ විවෘත කිරීමට නියමිතයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ බලතල වලට අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කිරීම සිදුකරනවා.

නව සභාවාරය විවෘත කිරීමේ උත්සවය ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලින් තොරව වියදම් අවම වන පරිදි පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පෙරහුරුවක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්