fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ තවත් භූ කම්පනයක් – කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් අනතුරක් නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 19:48

තුර්කියේ තවත් භූ කම්පනයක් – කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් අනතුරක් නැහැ

ගිනිකොන දිග තුර්කියට අද අළුයම හටගත් රිච්ටර් පරිමාණ ඒකක 7.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා.

මේ අතර අද දහවල් තුර්කියේ තවත් මහා පරිමාණ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන් වුයේ රිච්ටර් පරිමාණ ඒකක 7.5ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පන වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් අනතුරක් සිදුව නැහැ.

සිරියා දේශසීමාව ආසන්න ප්‍රදේශයකයි මෙම භූකම්පනය හට ගත්තේ. එරට වේලාවෙන් අද අළුයම 4.17ට සිදුව ඇති භූකම්පනයේ ප්‍රබලත්වය තුර්කි අගනුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. තුවාල ලැබු සංඛ්‍යාව 5300කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය අය අතර තුර්කි ජාතිකයන් 912ක්  මෙන්ම සිරියා ජාතිකයන් 386 දෙනෙක් වනවා. ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් තුළ සාමාන්‍ය වැසියන් සිරව සිටින බව වාර්තා වනවා. ලෙබනනය,  සයිප්‍රසය හා ඊශ්‍රාලය යන රටවලට ද එහි කම්පන තත්ත්වය දැනී තිබෙනවා. අද සිදුවු දෙවන භූ කම්පනය තුර්කියේ කහර මන්මරාස් නම් නගරයක් ආසන්නයේ සිදුව තිබෙනවා. මෙය පසුකම්පනයක් නොව වෙනමම සිදු වු භූ කම්පනයක් බවයි බලධාරීන් සදහන් කර ඇත්තේ. දෙවන භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර භූ කම්පනය සිදුවු ප්‍ර දේශයේ ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු වාසය කරන අතර ඉන් 8 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර අනෙක් පුද්ගලයා තවමත් සම්බන්ධ කරගනිමින් සිටින බවයි තුර්කි තානාපති හසන්ති දිසානායක මහත්මිය කියා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්