තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 ඉක්මවයි
Related Articles
තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පන්සියය ඉක්මවා තිබෙනවා.
ගිනිකොනදිග තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් සිරියාව ඇතුළු අවට රටවල් රැසකට ද බලපෑම් එල්ලවුණා. තුර්කියේ පමණක් මියගිය සංඛ්‍යාව 284 ක් ලෙසයි වාර්තා වන්නේ. සිරියාවේ පුද්ගලයින් 237 දෙනෙකු ද භූ කම්පනයෙන් මියගොස් තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය හටගත්තේ තුර්කි වේලාවෙන් අද අලුයම 4.17 පමණයි. මේ වනවිට පුද්ගලයින් 3,000ක් පමණ තුවාල ලබා ඇති අතර මෙය තුර්කියේ පළාත් 10ට බලපෑම් එල්ලකර තිබෙනවා. උස් ගොඩනැගිලි රැසක් ද කඩාවැටී ඇති අතර ඒවාට යටවූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොලෝ මට්ටමේ සිට කිලෝමීටර් 17ක් අභ්‍යන්තරයේ සටහන් වන බවයි භූ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.