fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 13:59

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගිම්හාන සෘතුව එළිඹීමත් සමග චීලි රාජ්‍යයට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි ව්‍යාප්ත වීම ශිග්‍ර වී තිබෙනවා. මේ වන විට දහසකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පසුගිය සෙනසුරාදා එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළා. ලැව් ගිනි නිවා දැමීම ඉතා අපහසු වී ඇති අතර තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින  බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරෝලිනා ටෝහා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්