fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ රීගල් සිනමාහල අසල උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 14:05

බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ රීගල් සිනමාහල අසල උද්ඝෝෂණයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවති උද්ඝෝෂණයක දී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීමට පෙළපාලියකින් යාමට උත්සාහ දැරීමත් සමගයි මෙම තත්ත්වය ඇතිවුණේ.

වැඩිකළ පොලී සහ බදු අඩුකරනු යන මැයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව කොළඹ රීගල් සිනමාහල අසල දී උද්ඝෝෂණයක් පැවැත්වූවා. එම ස්ථානයේ සිට ඔවුන් පෙළපාලියකින් පැමිණ මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීමට සූදානම් වී තිබුණා. මෙම අවස්ථාවට 60ට ආසන්න පිරිසක් සහභාගි වූ අතර ඔවුන්ට පෙළපාලියකින් ගමන් කිරීමට අවසර දිය නොහැකි බවට පොලීසිය පැවසීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. පසුව උද්ඝෝෂණයට සහභාගි වූ නියෝජිතයින් 10 දෙනෙකුට පමණක් මුදල් අමාත්‍යංශයට ඇතුළුවීමට පොලීසිය අවසර ලබාදුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්