ආපන ශාලා ආහාර මිල ගණන් ඉහළ දමන්නේ නැහැ
Related Articles
ගෑස් මිල ඉහළ නැංවුවද ආහාර මිල ගණන් ඉහළ නොදමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ආහාර සදහා මිල සූත්‍රයක් හදුන්වාදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට ලිට්‍රෝ සමාගම ඊයේ දිනයේ පියවර ගත්තා. ලෝක වෙළෙදපලේ මිල ඉහළයාමට සාපේක්ෂව මිල වැඩිකිරීම සිදුකළ ද ලබන අප්‍රේල් මාසය වනවිට යළි මිල අඩුකළ හැකි බවටයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ. ගෑස් මිල ඉහළයාම හමුවේ ආහාර මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කර ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කළා. ඔවුන් පවසන්නේ වෙළෙදපල තුළ අල, බීලූනු, පරිප්පු, පාන්පිටි වැනි ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවීම හේතුවෙන් ආහාර මිලද තවදුරටත් එම මිල ගණන්වල පවත්වාගත හැකි බවයි.
ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය පිළිබද අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.