ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා අද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට පැමිණියා.
ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය ත්‍රාන්තික සබදතා ඇති වී වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපන් ටෙලි නාට්‍යක් සිංහල භාෂාවෙන් හඩකවා ස්වාධීන රූපවාහිනි ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. බූලුම් නම් ජපන් ටෙලි නාට්‍ය සිංහල භාෂාවෙන් මිනැකෝ නමින් පෙබරවාරි 13 වන දා සිට සතියේ දින පහේම පස්වරු 6ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ජපානයේ බුන්කා පදනම සංස්කෘතික ආධාර යටතේ ඔෂින් නැමැති නාට්‍ය ශ්‍රී ලංකාවට ලබාදුන් පරිදිම ජපන් පදනම මගින් මිනැකෝ නාට්‍ය ද ස්වාධීන රූපවාහිනියට පරිත්‍යාග කර තිබෙනවා. මෙම ටෙලි නාට්‍ය සිංහල දෙබස් හඩ කැවීම් අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්රවිණ හඩකැවීම් අධ්යක්ෂ අතුල රන්සිරිලාල් මහතායි.
ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට අද උදෑසන පැමිණි ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා පිළිගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින්. අනතුරුව ජපාන තානාපති හා ස්වාධීන රූපවාහිනි සභාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අරුණ විජේසිංහ, ස්වාධීන රුපවාහිනි හිටපු සභාපති සුදත් රෝහණ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.