පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ අඹුසැමි යුවළ අද අධිකරණයට
Related Articles
පැලවත්තේ දී කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක නාන තටාකයේ තිබි නිමි ඇදුම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවුණේ පසුගිය දෙවනදායි. ඒ සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා. ස්ථානීය පරීක්ෂණවලදී ලබා ගත් තොරතුරු මෙන්ම සිසිටීවී දර්ශන ද උපයෝගී කර ගනිමින් සිදුකළ විමර්ශන වලින් අනතුරුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබුවා. කඩවත ප්‍රදේශයේ දී පළමුව 27 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගැනුනු අතර ඔහුගේ 23 හැවිරිදි බිරිද ද ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමත්වුණා. ඔවුන් නාරාහේන්පිට දාබරේ මාවත පදිංචිකරුවන්. සැකකරුගෙන් කළ ප්‍රශන් කිරීම්වලදී හෙළිව ඇත්තේ සාමාජ මාධ්‍ය මිතුරු ජාලායක් හරහා තමන් අදාළ ව්‍යාපාරිකයාව හදුනාගත් බවයි. ඔහු සමග පැලවත්ත නිවසට පැමිණි බවත් රුපියල් ලක්ෂයක මුදලක් සැකකරු ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති අතර එහිදි ඇති වු මත ගැටුමක් මත මෙම ඝාතනය සිදුකළ ඇති බවත් මෙතෙක් කළ විමර්ශනවලදී හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.