ඉරාන චිත්‍රපට උළෙලක් කොළඹ දී හෙට ඇරඹෙයි
Related Articles
ඉරාන ස්ලාමිය විප්ලවයේ 44 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන ඉරාන චිත්‍රපට උළෙලක් කොළඹ දී හෙට ආරම්භ වනවා.
චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. විශිෂ්ඨ ඉරාන සිනමා කෘති 5ක් මෙම උළෙලට එක්කර ඇති අතර ජනතාවට මෙම සිනමා කෘති නොමිලේ නැරඹීමට අවස්ථාව මෙහිදි උදා වනවා. හෙට සිට ලබන 10වන දා දක්වා පස්වරු පහේ සිට හත දක්වා දර්ශන වාර පැවැත්වීමට නියමිතයි. උළෙල සංවිධාන කරන්නේ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්වයි. ඉරාන චිත්‍රපට කර්මාන්තය ලොව ප්‍රමුඛ පෙලේ සිනමාවක් ලෙස ගෞරවාදරයට පත්ව ඇති අතර කෑන්ස් , ඔස්කා , බර්ලින් වැනි සිනමා උළෙල වලින් සිනමා කෘති ඇගයීමට ලක් කෙරෙනවා.