fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

REM – 331 යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 17:07

REM – 331 යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දුනීසියා හමුදාවට අයත් REM 331 යුද නෞකාව දිවයිනෙන් පිටත්ව ගියා.

පසුගිය 3 වනදා නිල සංචාරයක් සඳහා කොළම වරායට සේන්දු වූ ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් REM 331 යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. නාවුක සම්ප්‍රදායන්ට අනුව නෞකාවට සමුදීම උත්සවාකාරයෙන් සිදුකෙරුණා. මෙම නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර සුහද හමුවක් ද පැවැත්වුණා. නෞකාව දිවයිනේ රැඳී සිටි කාලයේ දී එහි කාර්ය මණ්ඩලය දිවයිනේ ස්ථාන රැසක් නැරඹීමට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්