චීලි රාජ්‍යයේ ලැව් ගිණි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට
Related Articles
චීලි රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශයට බලපා ඇති ලැව් ගිණි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් එරට රජය රටතුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලැව් ගිණි තත්ත්වයන්ට මැදිවීම හේතුවෙන් පුද්ගලයින් 979 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ හේතුවෙන් චීලි රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව සඳහන් වනවා. ලැව් ගිණි හේතුවෙන් මේ වන විට අක්කර අනූ නවදහසක් විනාශයට පත්ව ඇති බවට වාර්තා වනවා.