අතින් නිමි තේ නිෂ්පාදනය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක්
Related Articles
කුඩා තේවතු හිමියන්ට ඉහළ ආදායමක් ලබාගත හැකි හෑන්ඩ් මේක් ග්‍රීන් ටී නිෂ්පාදන පුහුණු වැඩසටහනක් දෙනියාය නිශ්ශංකපුර ප්‍රදේශයේ දී පැවැත්වුණා. සම්ප්‍රදායික තේ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි පහතරට තේ වැවිලිකරුවන් පවසන්නේ.
හෑන්ඩ් මේක් ග්‍රීන් ටී නිෂ්පාදනය හෙවත් අතින් නිමි තේ නිෂ්පාදනය කිරීම පිළිබඳ මෙහිදී කුඩා තේවතුහිමියන් දැනුවත් කෙරුණා. ඒ පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ද පැවැත්වුණු අතර එම නිමි තේ කිලෝවක් ඩොලර් 40 ක් 45 ක් වැනි මිලකට අලෙවි කළ හැකි බවටයි මෙහිදී අදහස් පළවුණේ. මෙවැනි ක්‍රමවේද සදහා කුඩා තේවතු හිමියන් දිරිගැන්වීම වැදගත් බවයි තේ වැවිලිකරුවන් ද පෙන්වා දුන්නේ.