fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි සැකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 12:49

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි සැකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාලය මගින් සංවිධාන කළ පානදුර ප්‍රදේශයේ පැවති සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි සැකරුවන් 41 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 10 දෙනෙකු සැකකාරියන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබුණේ ෆේස්බුක් මගින් මගින් කළ දැනුම් දීමකට අනුව එක්වූ පිරිසකගේ සහභාගීත්වයෙන්. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකට අනුව මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ගංජා ළඟ තබාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එක් කාන්තාවකගේ ප්‍රකාශ මත ඇයට ලිංගික අතවර කිරීම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සාදයේ රැඳී සිටි  සැකකරුවන් 21 දෙනෙකු හා සැකකාරියන් 8 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගැණුනේ. එම සැකකාරියන් වයස අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවන දෙහිවල, ගාල්ල, කලගෙඩිහේන, බලංගොඩ, රත්නපුර, ගල්කිස්ස, හෙට්ටිමුල්ල, කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් සියලු දෙනාම අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්