fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නිදහස් දිනයට රටවල් රැසකින් සුබ පැතුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 14:37

මෙරට නිදහස් දිනයට රටවල් රැසකින් සුබ පැතුම්

මෙරට 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රටවල් රැසකින්ම සුබ පැතුම් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සදහන් කරන්නේ නිදහස් දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන් සමග ඉන්දියාවද සිටින බවයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි ජන්ග් මහත්මියද සුබ පැතුම් එක් කළා.

75 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය පෙන්වා දෙන්නේ දෙරට අතර සබදතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු තවත් බොහෝ තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවලින් සුබ පැතුම් එක් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්