කැනඩාවට සහ උතුරු ඇමෙරිකාවට දැඩි ශීත කාලගුණයක්
Related Articles
කැනඩාවට සහ උතුරු ඇමෙරිකාවට දැඩි ශීත කාලගුණයක් බලපාන බව වාර්තා වනවා.
සති අන්තයේදී කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රාන්තවලට දැඩි ශීත කාලගුණයක් බලපානු ඇති බව ඇමෙරිකා කාලගුණ විද්‍යා අංශය පවසනවා.
ආක්ටික් මහද්වීපයෙන් පැමිණෙන ශීත කුණාටුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි සදහන් වන්නේ.
මේ හේතුවෙන් සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක පහළවේ සිට තිස්පහ දක්වා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය පහත වැටෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40 සිට සෘණ 79 ක් දක්වා වර්ධනයවිය හැකි බවයි අනතුරු අගවා තිබෙන්නේ.