fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට තවත් යුද ආධාරයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 12:13

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට තවත් යුද ආධාරයක්

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට බිලියන 2.2ක තවත් යුද ආධාරයක් හිමිව තිබෙනවා.

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට යුධ ආධාර වශයෙන් ඩොලර් බිලියන 2.2ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අනුව යුක්‍රේන රුසියා යුද්ධය ආරම්භ වූ දිනයේ පටන් මේ වන විට ඩොලර් බිලියන 29.3 ක යුධ ආධාර ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ලබා දී තිබෙනවා. මෙවර යුද ආධාර වශයෙන් දිගු දුර මිසයිල ලබා දීමටයි ඇමෙරිකාව විශේෂයෙන් තීරණය කර ඇත්තේ. එම මිසයිල කිලෝමීටර් 150ක් දුර ප්‍රහාර එල්ලකළ හැකි මිසයිල බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ඇමෙරිකා ජනපති වෙත සිය ස්තූතිය පළකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්