fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හඳුන්වා දෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 18:41

ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හඳුන්වා දෙයි

විදෙස් මුදල් ගැටලුවට විසදුමක් ලබාදෙමින් ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හදුන්වා දුන්නා.‍ෙ

විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක් ලෙසයි BOC My Sri Lanka ගිණුම ආරම්භ කෙරුණේ. මෙරට විදේශ මුදල් තැන්පතු පදනම ඉහළ නැංවීමට දායකවීම සදහා කැමැත්තක් දක්වන ගණුදෙනුකරුවන් සදහාම ලංකා බැංකුව මෙම ගිණුම හදුන්වා දී තිබෙනවා.

ගණුදෙනුකරුවන් උපයා ගන්නා විදේශ විනිමය සදහා ඉහළම ප්‍රතිලාභ ලබා දීමට ලංකාබැංකුව කටයුතු කරමින් සිටිනවා. ගිණුමේ කාලය අනුව විදේශ මුදල් තැන්පතු සදහා ඉහළ පොළී අනුපාත ලබා දෙනවා.

ගනුදෙනුකරුවන්ට ඇමෙරිකා ඩොලර්, ස්ටාලින් පවුම්, යූරෝ, ඕස්ට්‍රේලියා ඩොලර් යන ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ගණුදෙනු කළ හැකියි.

මෙම ඕනෑම මුදල් වර්ගයකින් පන්දහසක අවම ශේෂයකින් බී ඕ සී මයි ශ්‍රී ලංකා ගිණුම ආරම්භ කිරීමට හැකිවීම විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්