2027 දී තායිවානය ආක්‍රමණය කිරීමට චීනය සූදානම්
Related Articles
2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වන බව ඇමෙරිකාව පවසනවා.
2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පින් හමුදාවට නියෝග කර ඇති බව ඇමෙරිකා CIA සංවිධානයේ අධ්‍යක්ෂ විලියම්ස් බර්න්ස් පවසනවා.
චීන ජනාධිපතිවරයා නිකුත් කළ මෙම නියෝගය සම්බන්ධයෙන් තමන් හට තහවුරු කළ හැකි බුද්ධි තොරතුරු ලැබී ඇති බව විලියම්ස් බර්න්ස් පවසනවා.
තායිවානය සම්බන්ධයෙන් චීනයේ අභිලාභය කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බව ද බුද්ධි අංශ ප්‍රධානියා පවසනවා.