පැරෑලිය ධීවර තොටුපොලේ කටයුතු සොයා බැලීමට ඇමති ඩග්ලස් යයි
Related Articles
හික්කඩුව පැරෑලිය ධීවර තොටුපොලේ වැලි පිරීම නිසා ධීවර කටයුතු සිදු කිරීමට නොහැකි වීම පිළිබද සොයා බැලීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා එම ප්‍රදේශයට පැමිණියා.
2016 ඉදිකරීම් ආරම්භ කළ පැරෑලිය ධීවර තොටුපොලේ ඉදිකිරීම් තවමත් අවසන්කර නැහැ. වැලි පිරීම ඊට හේතුවයි. වසර කිහිපයක්ම වැලි ඉවත්කළද එය අවසන් වි නොමැති බවයි ධීවරයන් පවසන්නේ.
සංචාරක ව්‍යාපාරයේ නිරත පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ධීවර තොටුපොලෙන් ඉවත් කරන වැලි මුහුදට දැමීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙසයි. මේ පිළිබදව මීළග කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානය යොමුකර අවසන් තීරණයකට එළඹෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළා.