fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 11:18

තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්නා.

එම රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙසේයි.

  1. එන්ඩ්‍රි එරික් කැමිල් මහතා – ශ්‍රී ලංකාවේ අයිවරි කෝස්ට් නව තානාපති
  2. ජේසන් කේ හෝල් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ ජැමෙයිකා මහකොමසාරිස්
  3. ඇල්බර්ටෝ ග්වානි අමරිලා මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ උරුගුවේ තානාපති
  4. ගැන්බෝල්ඩ් ඩම්බජව් මහතා – ශ්‍රි ලංකාවේ සහ නවදිල්ලියේ මොන්ගෝලියා තානාපති
  5. අනිසා කපුෆි බෙගා මහත්මිය – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ ටැන්සානියා මහකොමසාරිස්
  6. සිනිසා පවික් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ සර්බියා තානාපති
  7. ලියොනාඩ් මෙන්ගසි මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ මලාවි මහ කොමාරිස්
  8. අබ්දල්ලා ඔමර් එල් හුසේන් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ සුඩාන තානාපති
  9. එරික් වොල්ෂ් මහතා – ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති

 

  1. යූරි බබකානියන් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ ආමේනියා තානාපති
  2. ස්ලොබඩන් උසුනොව් මහතා – ශ්‍රි ලංකාවේ සහ නවදිල්ලියේ උතුරු මැසඩෝනියා තානපති
  3. රොබට් මැක්සියන් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලි ස්ලෝවැකියා තානාපති
  4. බඩ්ලි හිෂාම් බින් අදාම් මහතා – ශ්‍රී ලංකාවේ මැලේසියා මහ කොමසාරිස්
  5. ආචාර්ය එලිස්කා සිගෝවා මහත්මිය – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ චෙක් ජනරජ තානාපති
  6. ජෑන් තෙස්ලෙෆ් මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ ස්වීඩන තානාපති
  7. ෆ්‍රැන්සිස්කෝ තියොඩොරෝ ගුවාරා මහතා – ශ්‍රී ලංකාවේ සහ නවදිල්ලියේ ඉක්වදෝර තානාපති
  8. අලි ෆයිස් මහතා – ශ්‍රි ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස්

අක්තපත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ සුහද සාකච්ඡාවකද නිරතවුණා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,  ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන  යන මහත්ම මහත්මීන්  මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්