ප්‍රවීණ ගී පද රචකයෙකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි
Related Articles
ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වුණා.
තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසු වුණා. ඒ මහතා ලියූ ගීත අතර එච්.ආර් ජෝතිපාලයන් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහාවෙලා ආදී ගීත වනවා.
ඒ මහතාගේ දේහය රුක්මල්ගම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු පන්නිපිටිය ක්‍රිස්තු රාජ දෙවස්ථාන සුසාන භූමියේදී ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.