ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
Related Articles
කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකුද වූ අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 90 වන වියේ පසු වුණා.
කලක් රෝගාතුරව සිටි උන් වහන්සේ ස්වර්ගස්ථ වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ආගමික සහජීවනය වෙනුවෙන්ද පෙනී සිටි උන් වහන්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයටද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.