fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ණය හිමි ජාතීන්ගේ පැරිස් සමාජය ශ්‍රී ලංකාවට මුල්‍ය සහතික සැපයීමට සුදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 18:59

ණය හිමි ජාතීන්ගේ පැරිස් සමාජය ශ්‍රී ලංකාවට මුල්‍ය සහතික සැපයීමට සුදානම්

ණය හිමි ජාතීන්ගේ පැරිස් සමාජය ශ්‍රී ලංකාවට මුල්‍ය සහතික සැපයීමට සුදානම් බව රොයිටර් පුවත් සේවය පවසනවා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම නවයක මූල්‍ය සහනය ලබා ගැනීමට මෙය අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

පැරිස් සමාජය මුල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් තහවුරු කළ මුලාශ්‍ර දෙකකින් තොරතුරු ලැබී ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ. ණය ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය සහාය ඉතා ඉක්මනින් ප්‍රකාශ කිරීමට සුදානම් වන බව ද එහි සදහන් වනවා.

ඉහළ යන උද්ධමනය, අවපාතය හා රුපියල අවම ප්‍රමාණය වීම හමුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹුනා. අරමුදලේ විධායක මණ්ඩලය ණය සහන අනුමත කිරීමට පෙර ප්‍රධාන ද්විපාර්ශික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය අත්‍යවශ්‍ය වනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශිය නිෂ්පාදකයින් 122%ක් පමණ වන අතර ඉන් 70%ක් විදේශ මුදලින් ගෙවිය යුතු වනවා. චීනය  හා  ඉන්දියාව  පැරිස්  සමාජයේ සාමාජිකයින් නොවන අතර ශ්‍රී ලංකාවේ ද්විපාර්ශික ණය ලබා දුන්නන් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවනවා.

ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමට පොරොන්දු වී සිටින අතර චීනය ද ජනවාරි මාසයේ දී ලිපියක් යොමු කරමින් සදහන් කලේ ශ්‍රී ලංකාවට වසර දෙකක ණය සහන කාලයක් ලබාදෙන බවයි.

චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහතිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය මේ වන තෙක් ප්‍රකාශය පත් කර නැහැ. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ඊයේ සදහන් කලේ චීනය සහතිකය ප්‍රමාණවත් නොමැති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්