75 වන නිදහස් උත්සවයට සහභාගීවීම සදහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හමු වුණා.
පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණියේ ඊයේ රාත්රියේදීයි. කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඒ මහත්මිය පිළිගැනීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පැවැත්වුණා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්ම වූ කඩිනම් අධ්‍යාපන ක්‍රියාදාමයකට මූලික පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. දේශගුණික විපර්යාස පිළිබද තොරතුරු පාසල් විෂය මාලාවට එක් කිරීමට අවධානය යොමුව ඇතැයිද ඒ මහතා සදහන් කලා.