75 වන නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගැන්වේ
Related Articles
75 වන නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූවා. උත්සවය පැවැත්වුනේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයී.
මේ අතර ජාතික නිදහස් සැමරුම් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලබන 06 වනදා සිට 12 වනදා දක්වා තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
75 වන නිදහස් සමරුව වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු සමරු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිලිගැන්වූයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.
එම මුද්දරය රුපියල් 50ක වටිනාකමින් යුත්තයි. එය අද සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙනවා. මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණැගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් ද එය මිලදී ගත හැකියි.
රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිලිගැන්වූයේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායි. එය සංසරණය සදහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ 71 වන සමරු කාසිය මෙයයි.
75 අංකය විශාල ඉලක්කමකින් හා ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙනවා. ඉහළ දාරයේ පරිධියේ භාෂා තුනෙන්ම නිදහස් සැමරුම ලෙස සටහන් කර තිබෙනවා.
කාසියේ පහළ දාරයේ පරිධියේ දක්වා ඇත්තේ 1948 – 2023 යන්නයි. කාසියේ මුහුණත වටිනාකම රුපියල් 1000 ක් වන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වෙනවා. රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.