fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆෙඩ්එක්ස් සමාගම දැවැන්ත සේවක කප්පාදුවක් සිදු කිරීමට සැරසෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 15:39

ෆෙඩ්එක්ස් සමාගම දැවැන්ත සේවක කප්පාදුවක් සිදු කිරීමට සැරසෙයි

වියදම් අවම කිරිමේ අරමුණින් භාණ්ඩ බෙදා හැරීමේ ලොව දැවැන්ත සමාගමක් ලෙස හැදින්වෙන ෆෙඩ්එක්ස් සමාගම දැවැන්ත සේවක කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වනවා.

සේවක කප්පාදුව යටතේ ලබන ජුනි මාසය සිට සමාගමේ සේවකයින් 12000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව එහි ඉහළ පෙලේ නිලධාරියෙක් මාධ්‍යට සදහන් කර තිබෙනවා.

ඉන් 10%ක පමණ සංඛ්‍යාවක් නිලධාරී සහ අධ්‍යක්ෂ ශ්‍රේණියට අයත්. සේවක කප්පාදුව හරහා මෙම වසරේ වියදම් ඇමෙරිකා ඩොලර් බිලියන 3.7කින් පමණ අවම කර ගැනීම මෙම සමාගමේ අරමුණ වී තිබෙනවා.

මේ වන විට සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාව පන්ලක්ෂ පනස්දහසකට ආසන්නයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්